ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර කෘෂිකාර්මික තාක්ෂණික හුවමාරු වැඩ පිළිවෙලකට දෙරට අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් කර තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියා පැසිෆික් කළාපීය සමුළුවට සමගාමීවයි මෙම ගිවිසුම අත්සන් තබා ඇත්තේ.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සහ වියට්නාම කෘෂිකර්ම හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය මින් හෝන් ලී මෙම ගිවිසුමට ඒ අනුව අත්සන් තබා ඇති බව සදහන්.
කෘෂි තාක්ෂණය, අධ්‍යයන හා පර්යේෂණ, උසස් බීජ නිෂ්පාදනය, පොහොර, පළිබෝධනාශක යෙදීම, ගොවී ජනතාව හා නිලධාරින් පුහුණු කිරීම ඇතුලු කරුණු කිහිපයක් මෙම ගිවිසුමේ අන්තතර්ගත වනවා.

