2024 – 03 – 21

හිරු නැගීම – 06:25
හිරු මුදුන් වීම – 12:23
හිරු බැසීම – 18:21

අද බදාදා දවසක්. සතියේ වැඩ කරන දවස් වල මැද දවස. මේ ගෙවෙන්නේ පෙබරවාරි මාසේ තුන් වෙනි බදාදා දවස.. ඒ කියන්නේ තව එක බදාදා දවසයි මේ මාසෙට ඉතුරු වෙලා තියෙන්නේ.

අදට යෙදිලා තියෙන විශේෂ දවස තමයි ජාත්‍යන්තර මව්බස දිනය. ශ්‍රී ලාංකිකයන් වෙන අපේ මව්බස වෙන්නේ සිංහල හෝ දෙමල. ඕනිම කෙනෙක් ඉස්සෙලම කතා කරන භාෂාව තමයි එයාගේ මව්බස වෙන්නේ. එයා පුංචි කාලේ ඉදන් හිතන්න, කියන්න ඉගෙන ගන්නේ ඒ භාෂාවෙන් නිසා ඒ භාෂාව නොදැනුවත්වම අපිට සමීප වෙනවා.

දැන් තියෙන සමාජ ප්‍රවණතාවය අනුව නම් සිංහල භාෂාව දවසින් දවස ආගාධයට තමයි යන්නේ. ගොඩක් ලංකාවේ අය සිංහල ඉගෙන ගන්න එක අනවශ්‍ය දෙයක් විදිහට සලකලා තමන්ගේ දරුවන්ට පුංචි කාලේ ඉඳන්ම ඉංග්‍රීසි තමයි කියලා දෙන්නේ. ඇත්තටම ජාත්‍යන්තරව ඉස්සරහට යන්න සහ ඉදිරි සෑම වැඩකටම අපට ඕනි ඉංග්‍රීසි භාෂාව තමයි.

ඒ කොහොම වුණත් ශ්‍රී ලාංකිකයන් විදිහට අපේ අනන්‍යතාවය රැඳිලා තියෙන්නේ සිංහල සහ ද්‍රවිඩ අපේ මව්බස තුල. ඒ නිසා මගේ මතය නම් ශ්‍රී ලාංකිකයෙක් සිංහල සහ ඉංග්‍රීසි කියන දෙකම සමානව ඉගෙන ගන්න ඕනි.

සිංහල කියන්නේ ඇත්තෙන්ම රසවත් භාෂාවක්. අනෙක් බොහොමයක් භාෂාවලට වඩා සිංහල භාෂාවෙන් හරි ලස්සනට දේවල් කියන්න පුළුවන්.. සිංහල භාෂාවේ තියෙන විවිධ පද හරි ලස්සනට විවිධාර්ථ එන විදිහට ගලපන්න පුළුවන්. ඒ වගේම තමයි සිංහල යමක් රස විඳිනවා කියන්නේ වෙනස්ම අත්දැකීමක්.

සිංහල භාෂාව අර්ථරසය වගේම ශබ්ද රසයත් එකට එකතු කර ගත්ත භාෂාවක්. වසර ගණනාවක් තිස්සේ විවිධ වෙනස්කම් වලට භාජනය වෙමින් තමයි දැන් තියෙන සිංහල අක්ෂර සහ වචන ආදිය හැදිලා තියෙන්නේ.

ඒ වගේම තමයි තමන්ගේ රටේ තමන්ගේ මව්බස කතා කරන එක මදි කමක් කියලා හිතන්න එපා. සිංහල ඉගෙන ගන්න කම්මැලි වෙන්නත් එපා. තමන්ගේ මව්බස කියන්නේ තමන්ගේම කොටසක්.

ඉංග්‍රීසි භාෂාව ගත්තොත් ඒක ලෝකේ ගොඩක් රටවල් භාවිතා කරනවා. දෙමල භාෂාව නම් ශ්‍රී ලංකාව සහ දකුණු ඉන්දියාව භාවිතා කරනවා. ඒ වුනාට සිංහල භාෂාව ශ්‍රී ලංකාව කියන එකම එක රටේ විතරයි භාවිතා වෙන්නේ.

ඒ නිසා ලෝකේ කොහේ හිටියත්, වෙනත් භාෂා කිහිපයක්ම දැනගත්තත් සිංහල භාෂාවට ඔයාගේ ජිවිතේ ඉඩක් දෙන්න.

අදට යෙදිලා තියෙන තවත් දවසක් තමයි Card Reading Day කියන්නේ. මේ card කියලා කියන්නේ අනාගතයේ වෙන්න පුළුවන් දේවල් කියන tarot cards වලින් අනාවැකි කියන එක.

මේක සමහර පුද්ගලයන් අතර ඉතාම ජනප්‍රිය දෙයක් වෙනවා. එකේදී card කිහිපයක් අර ගෙන තමන්ට හිතෙන card තෝරා ගෙන තමයි මේක කරන්නේ. ප්‍රධාන වශයෙන් පුද්ගලයන්ගේ යටි සිතේ තියෙන සිතුවිලි තමයි මේ card එකක් pick කරන්න උදව් වෙන්නේ.

ඔයාට දැන් නම් online උනත් tarot Reading එකක් කර ගන්න පුළුවන්. අවශ්‍ය වෙන්නේ අපේ හිත ඇත්තටම කියන්නේ මොකක්ද කියලා හරි පැහැදිලිව අහගෙන ඉන්න එක විතරයි.

එහෙනම් අද දවවස සතුටින් ඉන්න… හොඳ දේවල් හිතන්න, හොඳ දේවල් කරන්න..

ජය වේවා! තෙරුවන් සරණයි!