රුක්ෂානා දිසානායක කියන්නේ රූපවාහිනියෙන් නිරන්තරයෙන්ම දකින්න ලැබෙන රූපයක්. හුරුබුහුටි, අහිංසක චරිත සදහා කැමරාව ඉදිරියේ රගන රුක්ෂනා දිනවල නිවසට වෙලා කල් ගෙවන්නේ හරිම දුකෙන් කියලයි කියන්නේ. ඊට හේතුව හා අලුත් තොරතුරු ගැන ඇය කියන්නේ මෙහෙමයි.
ගෙදරට වෙලා ගෙවන ජිවිතේ මේ දවස්වල දැනෙන්නේ කොහොමද රුක්ෂනා..?
ඇත්තම කිව්වොත් එපාම වෙලා ඉන්නේ. හරිම කම්මැලියි. ඒත් මොනවා කරන්නද රටේ තියෙන තත්ත්වය ගැන හිතලා අනිත් අයගේ ජිවිතයට තර්ජනයක් නොවී ජිවත් වෙන්න සිදු වෙලා තියෙනවා. ඒ නිසා කාවවත් කරදරයක වට්ටන්නේ නැතුව මේ ප්‍රශ්නේ ඉවර වෙනකල් ගෙදරට වෙලා ඉන්නවා.
ගෙදරට වෙලා නිදහසේ ඉන්න ලැබුණු මේ කාලේ විශේෂයෙන් මොනවද කලේ..?
අපේ ගෙදර තියෙන්නේ පොඩි ඉඩක්. ඒ ඉඩ ප්‍රමාණයෙ පැල ටිකක් හිටෙව්වා කම්මැලිකම යන්නත් එක්ක. ඒ වගේම උයන්න පුරුදු වුනා. මේ දවස්වල ගෙදර දවසකට දෙවේලක් උයන්නේ මම. ඊට අමතරව කට්ලට්, පැටිස් වගේ දේවල් හැදුවා. දැන් නම් හොදට උයන්න. පහුගිය කාලේ වැඩකටයුතු එක්ක කාර්යබහුල වෙද්දී උයන්න හිතන්නවත් කැමැත්තක් තිබ්බේ නැහැ. මහන්සි වෙලා ගෙදර එන්නේ. නිදහසේ ඉන්න බැලුවේ. මේ පොඩි කාලෙට උයන්න පුරුදු වුන එකත් ලොකු දෙයක්. ඒ වගේම පොත්පත් කියෙව්වා. මම දවසකට එක ෆිල්ම් එකක් හරි බලනවා මේ දවස්වල. හින්දි, දමිල, තෙලිගු නිර්මාණ තමයි වැඩිපුර බලන්නේ. ලස්සන ඉංග්‍රීසි ෆිල්ම් එකක් ලැබුනොත් බලනවා. එහෙම තමයි මේ දවස්වල කාලේ ගත කරන්නේ.
පාසල් කාලෙන් පසුව ඔබට ලැබුණු දීර්ඝතම නිවාඩුව වෙන්න ඇති..?
ඉස්කෝලේ යන කාලේ ලැබුණු නිවාඩුවටත් වඩා මේ නිවාඩුව දිගයි. මේ තරම් කාලයක් ගෙදරට වෙලා හිටියාමයි.
නිතරම පෙම්වතා එක්ක කාලය ගත කළ රුක්ෂානාට දැන් ඔහුව දකින්නත් නැහැ. මොකද හිතෙන්නේ මේ ගෙවන්නේ අමාරුම කාලයක් වෙන්න ඇති..?
ගොඩක්ම දුක ඒක තමයි. බෝයි ෆ්‍රෙන්ඩ්ව දකින්න ලැබෙන්නේ නැති එක හරියට දඩුවමක් දීලා වගෙයි මට දැනෙන්නේ.දකින්න නැහැ. කතාබහ කරනවා විතරයි. ඇදිරිනීතිය දැම්මට පස්සෙම එයාව දැක්කේ නැහැ. ඉක්මනට ඇදිරි නිතිය ඉවත් කරනකල් තමයි මමත් බලාගෙන ඉන්නේ.
ඒ තරම්ම ආදරෙන් ඉන්නවා කියන්නේ ඉක්මණටම විවාහයටත් සුදානමක් ඇති නේද..?
අපි ආදරෙන් ඉන්නවා. නමුත් විවාහ වෙන්න තවම හිතලාවත් නැහැ. මොකද පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ ප්‍රශ්න ටික විසදගන්න ඕන. ඊට පස්සේ විවාහ ජිවිතේ ගැන හිතනවා.
රංගනයට ඔහුගෙන් වාරණ නැද්ද..?
සමහර වෙලාවට අකමැති දේවල් තියෙනවා. ඒවා තේරුම් කරලා දුන්නට පස්සේ මගේ අදහස්වලට එකග වෙනවා. එයා අකමැති දේවල් නොකර ඉන්න තමයි මම වගබලාගන්නේ. ඇතැම් අවස්ථා තියෙනවා නොකර ඉන්න බැරි දේවල්. එහෙම අවස්ථාවලදී තේරුම් කරලා දෙනවා.
ජනප්‍රියත්වය කරදරයක්ද පුද්ගලික ජිවිතේට..?
එහෙම මට දැනිලා නැහැ. මම මහලොකුවට ජනප්‍රිය කෙනෙක් නෙමෙයි. නමුත් මාව අදුරගෙන කතාබහ කරන මට ආදරේ කරන පිරිසකුත් ඉන්නව. මට අනවශ්‍ය විදිහට ජනප්‍රියත්ව හෝ කලාව කරදරයක් වෙලා නැහැ.
බොහෝ නිළියන්ට අයුතු යෝජනා එනවා, ඇතැම් ජනප්‍රිය අය ඒ අයුතු යෝජනාවලට කැමති වෙලා සමාජයේ කතාබහට ලක් වෙලා තියෙනවා.
ඔබට එහෙම අයුතු යෝජනා ඇවිත් නැද්ද..?
එහෙම අවස්ථා මටත් ඇවිත් තියෙනවා. ප්‍රසිද්ධ, ජනප්‍රිය අයට ඒ වගේ යෝජනා චෝදනා කට කතා එනවා. ඒක සාමාන්‍ය දෙයක්. නමුත් අපි ඊට දක්වන ප්‍රතිචාර හෝ කැමැත්ත මත තමයි අපිට එයින් බලපෑමක් එන්නේ. මම ඒ වගේ යෝජනා අවොත් එයින් ඉවත් වෙලා කටයුතු කරන්නේ කොහොමද කියලා දන්නවා. සමහර මිනිස්සු තමයි එහෙම. මට නම් ගොඩක් ආදරේ කරන අය ඉන්නේ . නළු නිලියෝ වුනාට අපිත් සර්ව සම්පුර්ණ මිනිස්සු නෙමෙයි. අපි අතිනුත් වැරදි එනවා. අපි ආශ්‍රය කරන අය දන්නවා අපි කවුද කියලා. ඒ නිසා මට නම් ඔය ප්රශ්නය ගටපුවක් වෙලා නැහැ.
ඔබේ රංගන ජිවිතයට දෙමාපියන්ගෙන් උදව්වක් ලැබෙනවද.. නැත්තනම් මේ ගමන යන්නේ ඔබේ හිතුමනාපෙටද..?
මම රගපාන්න යොමු වෙද්දී තාත්තා නම් විරුද්ධ වුනා. දැන් නම් එහෙම ගැටලුවක් නැහැ. අම්මා තමයි මට උදව් කරන්නේ. අම්මගෙන් මට ලොකු උදව්වක් ලැබෙනවා. එයාට රංගන ජිවිතේ ගැන අවබෝධයක් නැති වුනත් චිත්‍රපටි එහෙම මට ගෙනත් දෙනවා ඒවා බලලා රගපෑම හදාගන්න කියලා. මට ඉන්නේ මල්ලියෙක් විතරයි. එයාට මම නිළියක්ද කියන එක අදාල නැහැ. එයා ඒ ගැන හිතන්නේ නැහැ.
අලුත් නිර්මාණ ගැනත් මතක් කරමු..?
අලුත් නාට්‍ය දෙකක වැඩ පටන්ගත්තා. නමුත් රූගත කිරීම් කරන්න බැරි වුනා. කොරෝනා තත්ත්වය නිසා. තවත් නිර්මාණ දෙකකට ආරාධනා ලැබිලා තියෙන්නේ. නමුත් එහි වැඩකටයුතු මොකක් වෙයිද දන්නේ නැහැ.
හර්ෂනී වීරරත්න


