හිරු නැගීම – 06:26
හිරු මුදුන් වීම – 12:23
හිරු බැසීම – 18:20
අද බදාදා දවසක්. සතියේ මැද දවසක්. ඒ කිසිම එකකටත් වඩා විශේෂත්වයක් අද දවසේ තියෙනව. ඒ තමයි අද Valentines Day එක.
ගොඩක් ලොකු ඉතිහාස කතාවක් තියෙන අද දවස පෙම්වතුන්ටම වෙන් වුණු දවසක් කියලා තමයි සලකන්නේ. පෙම්වතුන්ට විතරක්ම නෙමෙයි ආදරේ කරන ඕනිම කෙනෙක්ට අද දවස එයාල ආදරේ කරන අය එක්ක එකතු වෙලා සමරන්න පුළුවන්.
ඇත්තටම ආදරේ සමරන්න විශේෂ දවසක් ඕනි වෙන්නේ නැහැ. ආදරේ සමරන්න ලොකු ලොකු තෑගී ඕනි වෙන්නෙත් නැහැ. අද ලෝකේ ගොඩක් දේවල් වල වටිනාකම මනින්නේ සල්ලි වලින් සහ දේවල් වලින් නිසයි ගොඩක්ම මේ වගේ valentines day එකක් market වෙලා තියෙන්නේ. හිකිස්… ඕක තමයි ඇත්තම කතන්දරේ…
අදට යෙදිලා තියෙන තවත් විශේෂ දවසක් තමයි අද International Book Giving Day එක. තමන් කියවපු පොතක් තව කෙනෙක් එක්කත් share කරගෙන බලන්න තමයි අද දවස තියෙන්නේ. ඔයාට ඔයා කියවලා ඉවර පොත් පුස්තකාලයකට දෙන්නත් පුළුවන්, එහෙමත් නැත්නම් තව කෙනෙක්ට අඩු මුදලකට දෙන්නත් පුළුවන්. දැන් කාලේ නම් පොත් වල මිල සෑහෙන්න වැඩි නිසා මේ විදිහට share කර ගෙන බලනකොට ගොඩක් පොත් සංඛ්‍යාවක් කියවන්න පුළුවන් වෙනවා. ඒ වගේම පොත් කියවන්න ආස අය ගොඩකට ඒ අවස්ථාවත් හිමි වෙනවා.
ඔයාටත් ඔන්න කවුරුහරි කියවලා දෙන්න කියලා පොතක් දුන්නොත්, ඒ පොත ඔයාගේ වගේම පරිස්සම් කරලා ඒ විදිහටම ඉක්මනටම භාර දෙන්න අමතක කරන්න එපා.. මොකද පොත් කියවන අයයි පොත් අතරයි තියෙන්නේ හරිම සමීප බැඳීමක් නේ. එයාල එක පොතක් වෙනුවෙන් ඔයාව වුනත් අත අරින්න පුළුවන් නිසා එයාලගේ පොත් එක්ක එයාලගේ හිත් එක්ක වගේම හරි පරිස්සමට ගනුදෙනු කරන්න.
ඒ වගේම අද අවයව දන් දීමේ දිනය වෙනවා. ඔයාල දන්නවනේ සමහර රෝගීන් ඉන්නවා එයාලගේ මොලය ආයෙමත් ගොඩ ගන්න බැරි තත්ත්වයට පත් වෙලා, එයාලට තවත් ජිවත් වෙන්න බැරි වෙනවා. ඉතින් එහෙම අයගේ අවයව තවත් රෝගියෙක්ට බද්ධ කිරීමට යොදා ගන්නවා, විශේෂයෙන් ඇස්, වකුගඩු, එහෙම අවයව බද්ධ කිරීම් සඳහා ගන්නවා. ඇත්තටම කෙනෙක් මිය ගියාට පස්සේ එයාගේ ශරීරයෙන් එයාට වැඩක් නැති නිසා එකේ තියෙන අවයව තවත් කෙනෙක් ජිවත් කරවන්න යොදා ගන්න එක හරිම වටිනා දෙයක්. මේ ලෝකේ බොහෝ පිරිසක් එහෙම බද්ධ කරපු අවයව වලින් ජිවත් වෙනවා. විශේෂයෙන්ම වකුගඩු ආදිය නම් කෙනෙක් ජිවත් වෙලාම ඉන්නකොට වුණත් දන් දෙන්න පුළුවන්.
ශ්‍රී ලංකාවේ අක්ෂි දාන සංගමයේ ඔයාත් ලියාපදිංචි වුණොත් ඔයා මරුනමත් ඔයාගේ ඇස් දෙකෙන් තව කෙනෙක්ට ලෝකේ බලන්න අවස්තාව උදා කරලා දෙන්න පුළුවන්. ඒකෙන් තමන්ට ආගමානුකුලව යහපතක් සිද්ධ වෙනවා වගේම ලෝකයේ මිනිස්සුන්ටත් ගොඩක් යහපතක් වෙනවා.
ඉතින් ඔයත් ඔයාගේ අවයව හෝ මුළු සිරුරම දන් දීමට කැමැත්තෙන් නම් ඉන්නේ ඔයාට පුළුවන් අක්ෂි දාන සංගමය සම්බන්ධ කර ගෙන වැඩි විස්තර දැනගන්න. ඒ වගේම ඔයා දන්නා විස්තර අනෙක් අය අතරෙත් හුවමාරු කරන්න අමතක කරන්න එපා.
මේ තියෙන්නේ ශ්‍රී ලංකා අක්ෂි දාන සංගමය සම්බන්ධ කර ගත හැකි දුරකථන අංක – 011 2692051, 01126980 40/41/43
එයාලගේ facebook group එක වෙන Sri Lanka Eye Donation Society හරහාත් වැඩි විස්තර දැන ගැනීමේ හැකියාව තියෙනවා.
එහෙනම් අද දවස වගේම ඉතුරු දවස් හැම එකක්ම ආදරෙන් ගත කරන්න අමතක කරන්න එපා! ඔබ සැමට ආදරණිය දවසක් වේවා!
තෙරුවන් සරණයි!

