රතුළුෑණු වගා රක්ෂණ බෝගයක් ලෙස නම් කෙරෙයි

වගා රක්ෂණ බෝග අතරට රතුළුෑණු ද එක් කිරීමට, කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

මේ වනවිට නියඟය, අධික වර්ෂාපතනය හා වනඅලින්ගෙන් සිදුවන වගාහානි, වෙනුවෙන් වී,මිරිස්, ලොකුළුෑණු, අර්තාපල්, බඩඉරිඟු හා සෝයා සඳහා කෘෂිකර්ම හා ගොවි රක්ෂණ මණ්ඩලය විසින් නොමිලේ රක්ෂණාවරණයක් ලබාදෙනු ලබනවා

ඒ අනුව ඉදිරියේ දී රතුළුෑණු වගාව ද ඊට එක්කරන ලෙසයි විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට ඊයේ උපදෙස් ලබාදී ඇත්තේ.

රතුළුෑණු වගා හානියකදී අක්කරයකට රුපියල් 40,000 බැගින් හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් පිරිනමනු ඇත.