පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද දිනයේ එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහා බැංකු වාර්තා පෙන්නුම් කරනවා.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල රු. 308.19 ක් ලෙස හා විකුණුම් මිල රු. 317.82ක් ලෙස සටහන් වී තිබෙනවා.
එසේම ගල්ෆ් මුදල්වලට සාපේක්ෂව ද රුපියල ඉහළ ගොස් තිබෙනවා.

