ඉන්දියානු ඒකාබද්ධ ගෙවීම් ක්‍රමවේදය හෙවත් UPI ක්‍රමවේදය හෙට සිට ශ්‍රී ලංකාවට ද හඳුන්වා දීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි පවසනවා.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මාර්ගගත ක්‍රමය ඔස්සේ අදාළ පද්ධතිය කොළඹ දී එළිදැක්වීමට නියමිතව තිබෙනවා.
UPI යනු 2016 වර්ෂයේ දී ඉන්දියානු ජාතික ගෙවීම් සංස්ථාව විසින් ක්ෂණික ගෙවීම් පද්ධතියක් ලෙස හඳුන්වා දෙනු ලැබුවකි.
එම ක්‍රමවේදය යටතේ ලියාපදිංචි වී ඇති ඕනෑම බැංකුවක් හරහා ක්ෂණිකව ගෙවීම් කටයුතු කිරීමට පුද්ගලයෙකුට හෝ වෙළඳ ආයතනයකට අවස්ථාව හිමි වනවා.
එසේම එය ජංගම දුරකථන අංකය මත පදනම්ව ලියාපදිංචි විය හැකි යෙදුමක් වන අතර සරල පියවර කිහිපයක් මගින් ඕනෑම බැංකුවක් හරහාද ගනුදෙණු කිරීමට හැකියාව පවතින බව සඳහන්.
පසුගිය වසරේ UPI ගෙවීම් පද්ධතිය හරහා ඇමරිකානු ඩොලර් ටි්රලියන 1.7ක ගනුදෙණු සිදු කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

