slfp

විධායකය අහෝසි කිරීමට නිදහස් පක්ෂයේ සහය

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවට සිය පක්ෂයේ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ඊට අදාළ යෝජනාවක් ගෙන ඒමේ සූදානමක් පවතින බවට තොරතුරු ලැබී ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

‘නිදහස වෙනුවෙන් අපි’ යන මැයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයකට එක්වෙමිනුයි මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේ.