19න් පහළ ලෝක කුසලානයේ අවසන් මහා තරගය අද

19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (11) පැවැත්වීමට නියමිත ව තිබේ.

ඒ, ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතරයි.

තරගය පස්වරු 01.30ට දකුණු අප්‍රිකාවේ බෙනෝනිහි පිහිටි Sahara Park Willowmoore ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

ඕස්ට්‍රේලියානු සහ ඉන්දියානු කණ්ඩායම් දෙකම මෙම තරගාවලියේ මින් පෙර සහභාගී වුණු සියලුම තරඟ ජයග්‍රහණය කර තිබෙන අතර අද පවත්වන අවසන් මහා තරගයේදීතියුණු තරඟයක් අපේක්ෂා කළ හැකි බවයි විචාරකයන් සඳහන් කරන්නේ.

යම් හෙයකින් ඕස්ට්‍රේලියාව මෙම තරගය ජය ගතහොත් ඔස්ට්‍රලියාව 2023 ICC කාන්තා කුසලානය, T20 ලෝක කුසලානය සහ 2023 ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලානය මෙන්ම 19න් පහළ ලෝක කුසලානය ද හිමි කර ගත් රට බවට පත් වනු ඇත.

ඉන්දියාව මින් පෙර පස්වතාවක් 19න් පහළ ලෝක කුසලානය දිනා ගෙන තිබෙනවා.