ශ්‍රී ලංකා මූල්‍ය සහ ලීසිං සමාගම තවදුරටත් ස්ථාවර වනු ඇති බවට Fitch අනාවැකියක්

පසුගිය වසර දෙක තුළ පැවති උද්ධමන සහ පොලී අනුපාත උච්ඡාවඡනයෙන් පසුව ශ්‍රී ලංකා මූල්‍ය සහ ලීසිං සමාගමේ (FLC ) ආර්ථික තත්ත්වය තවදුරටත් ස්ථාවර වනු ඇතැයි අපේක්ෂා කරන බව Fitch Ratings සඳහන් කර තිබෙනවා.

එය පෙන්වා දෙන්නේ උද්ධමනය සහ වැඩි වන පොලී අනුපාත හේතුවෙන් ඇති වන පීඩනය අවම කිරීම සඳහා FLC වෙත ස්ථාවර කොන්දේසි සැපයිය යුතු බවයි.

2024 වසරේ ජනතාව මත ඉහළ බදු බරක් පැටවෙන බැවින් ශ්‍රී ලංකාවේ මූල්‍ය තත්ත්වය තරමක අවිනිශ්චිත තත්ත්වයක පැවතිය ද කාලයක් ගත වන විට නැවත ආයෝජකයනේ විශ්වාසය දිනා ගැනීමෙන් එය වඩාත් ශක්තිමත් වනු ඇති බවයි Fitch Ratings වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඉන්දියාවේ Muthoot Finance හි අනුබද්ධ ආයතනයක් වන Asia Asset Finance හි මෑත ශ්‍රේණිගත කිරීම මත මෙම Fitch Ratings අනාවැකිය පදනම් වනු ලබනවා.