ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමේ අවස්ථාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු රැසක් වර්ජනය කර තිබෙනවා.
පාර්ලිමේන්තුව ආරම්භයේදී සභාගර්භයට පැමිණ සිටි විපක්ෂ නායකවරයා ඇතුළු සමග ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපතිවරයා කතාව පැවැත්වීම ආරම්භ කිරීමත් සමග සභාගර්භයෙන් පිටව යනු දැකගත හැකි වූ බවයි වාර්තා වෙන්නේ.
කෙසේවෙතත් රාජිත සේනාරත්න, කුමාර වෙල්ගම, ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා,ඉෂාක් රහුමාන් , වඩිවෙල් සුරේෂ්, ඒ.එච්.එම් ෆවුසි සහ ෆයිසල් කාසිම් ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු දස දෙනෙක් සභාගර්භයේ දිගටම රැඳී සිට තිබෙනවා.
ප්රජාතන්ත්රවාදය අහිමි කිරීම, කතා කිරීමේ නිදහස නැති කිරීම,සාමකාමී උද්ඝෝෂණයන්ට ප්‍රහාර එල්ල කිරීම සහ ජනතාව මත අධික ජීවන බරක් පටවා තිබීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගෙන ජනාධිපතිවරයාගේ කතාව මෙසේ වර්ජනය කළ බවයි සමග ජන බලවේගයේ කෑගලු දිස්ත්‍රික් මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා පැවසුවේ.
මේ අතර ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පමණක් ජනාධිපතිවරයා කතාව ඉදිරිපත් කරන අවස්ථාවට සහභාගී වී තිබෙනවා.

