පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය කැඩු 650 අත්අඩංගුවට

ඊයේ(23) රාත්‍රීය තෙක් ගතවු පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 650කට ආසන්න පිරිසක් සහ රථවාහන 165ක් පමණ පොලිස් භාරයට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධීකාරි ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළේ නිතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් මත මෙතෙක් අත්අඩංගුවට ගත් තැනැත්තන් පිලිබද ක්‍රියාත්මක වන බවයි.

ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන කාල වලදි පවා සෞඛ්‍ය උපදෙස් පරිදි ක්‍රියා නොකරන පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා බවයි පොලිසිය සදහන් කළේය.