පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයින් සඳහා සැහැල්ලු වාහන රියදුරු බපත්‍රය දීමේ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
2022 වසරේ නොවැම්බර් මස 14 දා අමාත්‍ය මණ්ඩල යෝජනාවකට අනුව ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනු ලැබුවා.
ඒ අනුව එහි ප්‍රතිඵල මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත්කරනු ලැබ ඇති කමිටුව නිර්දේශ කර තිබෙනවා.

