හිරු නැගීම – 06:27
හිරු මුදුන් වීම – 12:23
හිරු බැසීම – 18:19
අද අඟහරුවාදා දවසක්, අලුත් දවසක්. ඔයාට පුළුවන් අද දවස ඔයාගේ ජිවිතේ වෙනස් කරන දවස බවට පත් කර ගන්න.
හැමවෙලේම අපි තරඟය තියා ගන්න ඕනි අපිත් එක්කමයි. හිතන්න ඔයා පාඩම් කරන ළමයෙක් නම්, ඔයා ඊයේ පිටු 05ක් පාඩම් කළා නම් ඔයාට පුළුවන් අද පිටු 6ක් පාඩම් කරන්න. එක ඉස්සෙල්ලම ඉතාම පොඩි දෙයක් වගේ පෙනුනට ඔයා දවසින් දවස ඒ විදිහට පාඩම් කරන ප්‍රමාණය ටිකෙන් ටික වැඩි කර ගත්තම ඔයාට ටික කාලයක් යනකොට ගොඩක් ලොකු ප්‍රමාණයක් ඔයාටත් නොදැනීම පාඩම් කරන්න ඔයා හුරු වෙලා.. මතක තියා ගන්න රෝම අධිරාජ්‍යය ගොඩනැගුනේ එක රැයකින් නෙමෙයි… කොලෝසියම හදන්නත් එක එක ගල් කැටය ගානේ තමයි එයාලා තිබ්බේ. ඒ නිසා හරි පාරේ එක් පියවරයක් හරියට තියෙන්න අද ඉදන් පුරුදු වෙන්න..
අද දවසේ විශේෂත්වය ගත්තොත් අද International Day of Zero Tolerance to Female Genital Mutilation එහෙමත් නැත්නම් ස්ත්‍රී සුන්නත් කිරීම් පිටුදැකීමේ දිනය. සුන්නත් කරනවා කියන්නේ ටිකක් සංකීර්ණ ලොකු මාතෘකාවක්. ස්ත්‍රී සුන්නත් කිරීම කියන්නේ ඊටත් වඩා සංකීර්ණ ඒ වගේම සංවේදී දෙයක්. ගොඩක් අප්‍රිකානු රටවල සහ අනෙකුත් රටවල ආගමික සහ සංස්කෘතික හේතූන් නිසා ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ බාහිරව තියෙන lips වැනි ව්‍යුහ කපා ඉවත් කරනවා. ඉතින් මේක එයාල ගොඩක් අනාරක්ෂිත විදිහට සිදු කරන නිසා එකෙන් විෂබීජ ආදිය ගිහින් ගොඩක් ගැහැණු දරුවන් මිය ගිහින් තියෙනව. ඒ වගේම මේක කරන්නේ හිරි වැට්ටවිමක් වගේ දෙයක් සිදු නොකර නිසා ඉතාම වේදනාකාරී දෙයක් මේක. ඒ නිසා ඒ දෙයට එරෙහිව හඩක් නගන්න තමයි අද දවස මෙහෙම නම් කරලා තියෙන්නේ.
ඒ වගේම අද International Frozen Yogurt Day. Frozen Yogurt කියන්නේ ice cream වගේම රසම රස අතුරුපසක්. Ice cream වෙනුවට හඳුන්වලා දුන්න healthy option එකක් විදිහට තමයි මේවා හඳුන්වන්නේ. ඉතින් ඔන්න ඔයාල Frozen Yogurt try කරලා නැත්නම් අද ඒකට හොඳම දවස. foodcity වගේ super market එකකට ගියොත් ඔයාට ලේසියෙන්ම මේවා හොයා ගන්න පුළුවන්.
ඓතිහාසික වශයෙන් ගත්තොත් 1952 වසරේ පෙබරවාරි 06 වෙනිදා දවසක තමයි දෙවන එලිසබෙත් රැජින, ඇගේ පියා වන හයවන ජෝර්ජ් රජුගේ අභාවයෙන් පස්සේ එංගලන්තයේ රජකම භාර ගන්නේ. එදා ඉදන් 2022 සැප්තැම්බර් මාසේ ඇයගේ අභාවය සිද්ධ වෙනකම් ම ඇය එංගලන්තයේ රැජින විදිහට කටයුතු කළා. ඒ අනුව වැඩිම කාලයක් රජකම් කළ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයා ලෙස ද දෙවන එලිසබෙත් රැජින හඳුන්වන්න පුළුවන්.
1840 වසරේ අද වගේ දවසක තමයි නවසීලන්තය සම්පූර්ණයෙන්ම බ්‍රිතාන්‍ය පාලනයට යටත් වුණේ.
ඉතින් එන්න ඒ වගේ ලස්සන සිදුවීම් ගොඩක් අද දවසේ වෙලා තියෙනවා. එහෙනම් අද දවස ඔයාලගේ ජීවිතෙත් ලස්සන දවසක් වෙන්න කියලා අපි සුබ පතනවා.
ජය වේවා! තෙරුවන් සරණයි!

