පාරිභෝගික අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව නියමිත බරට පාන් අලෙවි නොකරන වෙළදුන් සොයා හෙට (05) සිට වැටලීම් ආරම්භ කරන බව වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පසුගියදා ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පාන්ගෙඩියක නියමිත බර ග්‍රෑම් 450ක් ලෙස තිබ්ය යුතු බවයි.
ඉන් අඩුවිය හැකි උපරිම බර ප්‍රමාණය ග්‍රෑම් 13.05 ලෙස අදාල ගැසට් නිවේදනයේ දැක්වෙනවා.
එමෙන්ම පාන් බාගයක බර ග්‍රෑම් 225ක් වියයුතු අතර අඩුවිය හැකි ප්‍රමාණය ග්‍රෑම් 09ක් බව එහි සදහන්.
කෙසේ වෙතත්, පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ අදාල ගැසට් නිවේදනයේ අඩුපාඩු පවතින බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන ඊයේ ප්රවෘත්ති සාකච්ජාවට එක්වෙමින් කියා සිටියේ.

