පීඩාකාරී නායකත්වයෙන් රට මුදාගෙන නව නායකයෙක් රටට පත්කර ගැනීමට කාලය එළැඹ ඇතැයි අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ප්රකාශ කරනවා.
නිදහස් දිනය වෙනුවෙන් පුංචි බොරැල්ල සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානයේ පැවති විශේෂ දේව මෙහෙයට එක්වෙමිනුයි කාදිනල් හිමියෝ එම අදහස් පළ කළේ.
මේ එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්,
“දේශපාලන හා ආර්ථිකමය වශයෙන් රට පහළට වැටිලා. නායකයින්ගෙන් අසන්නේ සමරන්නේ කාගේ නිදහසද? පාලකයන්ගේ නිදහසද? ජනතාවගේ නිදහසද? පිටරට නියෝජිතයින් ගෙන්වා, රටේ ප්රභූවරුන් ඉදිරියේ බඩගින්නේ සිටින ජනතාව හෑල්ලු කිරීම නිදහසද? සුන්දර අපේ මව්බිම අවාසනාවන්තයි. පීඩාකාරි පාලන පැලැන්තියෙන් රට මුදාගත යුතුයි. නිවැරදි නායකයෙක් රටට පත්කරගත යුතුයි”

