චිලී රාජ්‍යයේ ලැව් ගිනි හේතුවෙන් 46ක් ජීවිතක්ෂයට

දකුණු ඇමරිකානු රාජ්‍යයක් වන චිලී රාජ්‍යයේ පවතින ලැව්ගිනි හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 46 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

වෙරළාසන්න සංචාරක නගරයක් වන Viña del Mar හි නගරාධිපතිවරයා ද ප්‍රකාශ කළේ පදිංචිකරුවන් දෙසියයකට වැඩි පිරිසක් අතුරුදහන් වී ඇති බවයි.

මේ වන වීරත් රට පුරා හෙක්ටයාර් 43,000 කට වැඩි ප්‍රමාණයක් ලැව්ගිනිවලට ගොදුරු වී බවයි සඳහන් වෙන්නේ.

සාමාන්‍ය පරිසර උෂ්ණත්වයට වඩා වැඩි උෂ්ණත්වයක් වාර්තා වීම සහ තද සුළං හේතුවෙන් මෙම ලැව්ගිනි ඇති වී තිබෙනවා.