හිරු නැගීම – පෙරවරු 06:27
හිරු මුදුන් වීම – මධ්‍යහන 12:23
හිරු බැසීම – පස්වරු 06:18
අද පෙබරවාරි හතරවැනි ඉරිදා, මේ මාසේ පලවෙනි ඉරිදා දවස. ඉතින් අද විශේෂ නිවාඩු දවසකුත් තියෙන නිසා ගොඩක් වෙලාවට ඔයා අද ගෙදර ඇති, එහෙමත් නැත්නම් ඔය අද ඔයාගේ පෞද්ගලික වැඩ වලට එලියට යනවා වෙන්නත් පුළුවන්.
ශ්‍රී ලාංකිකයන් විදිහට අද දවස අපි හැමෝටම විශේෂ දවසක් වෙනවා. 1948 වසර වෙනකම් දී හිරු නොබසින අධිරාජ්‍යයට යටතේ වෙලා තිබ්බ අපේ මේ පුංචි රටට ඒ ආධිපත්‍යයෙන් නිදහස හම්බ වුණේ 1948 වසරේ අද වගේ දවසක. 2024 වසරේ දී අපි සමරන්නේ අපේ 76 වන නිදහස් දිනය.
මතකද අපි පුංචි කාලේ නම් ගෙදර කට්ටිය ඔක්කොම TV එක ඉස්සරහට එකතු වෙලා උදේ ඉඳන් ම ජාතික නිදහස් දින සැමරුම් උත්සවය බලනවා. ඒ කාලේ නම් හරිම සුන්දරයි, හරිම නිදහස් නේද… ඒ කාලේ තමයි ඇත්තටම අපේ ජිවිත වල නිදහස කියන එක තිබ්බේ..
දැන් නම් රටේ තියෙන තත්ත්වයත් එක්ක ගොඩක් දේවල් වෙනස් වෙලා. ඒ කොහොම වුණත් ඔයාට අද නිවාඩු දවසක් නම් ඔයාට පුළුවන් ගෙදර අය හැමෝම එකතු කර ගෙන මොනවා හරි දෙයක් කරන්න. ගොඩක් වෙලාවට හැමෝම ගෙදර ඉන්න දවසක් හොයා ගන්න එක ටිකක් අමාරු වුණත් මන් හිතනවා අද නම් වෙනදට ඉරිදා ගෙදර ඉන්නේ නැති පිරිසකුත් ගෙදර ඉන්නවා ඇති කියලා.
ඒ නිසා ඔන්න රටේ නිදහස් දිනය සමරන ගමන් ඔයාගේ නිදහසත් අර්ථවත්ව ගත කරන්න අද දවසේ.
ඒ වගේම ඔයා බාලදක්ෂයෙක් නම් ඔයා දන්නවා ඇති ඔයාගේ පිරිමි බාලදක්ෂ සතිය අදින් ආරම්භ වෙනවා කියලා. ඉතින් අද ඉදන් සතියක් පුරාවට මේ පිරිමි බාලදක්ෂ ව්‍යාපාර මඟින් විවිධ වැඩසටහන් සංවිධානය කරලා තියෙනවා. ඔයාට ඒ වැඩ එක්කත් එකතු වෙන්න පුළුවන්.
ඔන්න ඔයා ඉස්කෝලේ යන වයසේ වයසේ කෙනකේ නම් හෙට ඉඳන් ඉස්කෝලේ යන්නත් තියෙනව නේ.. ඉතින් අද නිවාඩු කාලේ අන්තිම දවස හොදට නිදහසේ සතුටින් ඉන්න. ගිය වාරේ අන්තිම දවසේ ගෙනියපු කෑම පෙට්ටි එහෙම සෝදලා අර ගෙන හෙට ඉඳන් ඉස්කෝලේ යන්න ලැස්ති වෙන්න කට්ටියම.
එහෙනම් ඔයාගේ ඊළඟ සතියටම බලය ජවය ශක්තිය ලබා ගන්න මේ ඉරිදා දවස හැමෝම සතුටින් ගත කරන්න..
ජය වේවා, තෙරුවන් සරණයි!

