ඉදිරි ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂ මැතිවරණ මෙහෙයුම් කමිටු සාමාජිකයන් පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නම් කර තිබෙනවා.
ඒ අනුව එම කමිටු ප්‍රධානියා ලෙස ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා පත් කර ඇත.
එසේම එහි සෙසු සාමාජිකයන් ලෙස එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් කළමනාකරු ලසන්ත ගුණවර්ධන,සිරිකොත විධායක අධ්යක්ෂ ශමල් සෙනරත්, කෘත්‍යාධිකාරි මණ්ඩල සභික ක්‍රිෂාන් තියඩෝර් මහත්වරුන් පත් කර ඇති බවට සඳහන්.
ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන අනෙකුත් පක්ෂ සමඟ සම්බන්ධ වෙමින් පක්ෂයේ මෙහෙයුම් කටයුතු කිරීම, පක්ෂයේ ප්‍රචාරණ කටයුතු කිරීම ආදිය මෙම කමිටුවට පැවරෙන වගකීම් වනවා.
මැතිවරණ මෙහෙයුම් කටයුතු කිරීමට ස්ථානයක් තෝරා ගන්නා ලෙස උපදෙස් දී ඇති ජනපති මැතිවරණ මෙහෙයුම් කටයුතු කළමනාකරණය ගැන සැලසුමක් දෙන ලෙස ද පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

