සෞඛ්‍ය වර්ජනය හෙට පෙරවරුවෙන් අවසන් වෙයි

ඊයේ දින සිට අඛණ්ඩව ක්‍රියාත්මක කර ඇති සෞඛ්‍ය සේවක වර්ජනය හෙට (03) පෙරවරු 06.30න් පසු ව අවසන් කිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා සදහන් කරනවා.

ඒ ජනාධිපති ලේකම් හා මුදල් අමාත්‍යාංශ ලේකම් සමඟ සාකච්ඡාවක් ලබාදීමත් සමඟයි.

කෙසේ වෙතත් එළැඹෙන අඟහරුවාදා දිනයේ නැවත සාකච්ඡාවක් සිදු කර බදාදා දිනයේ සිට වැඩවර්ජනය යළි ක්‍රියාත්මක කරනවා ද නැද්ද යන්න තීරණය කරන බව වෘත්තීය සමිති සමාජිකයන් අවධාරණය කරනවා.