යුරෝපා සංගමයේ නායකයන් 27 දෙනා විසින් යුක්රේනයට යූරෝ බිලියන 50ක ආධාර පැකේජයක් ලබා දීම සඳහා එකඟතාවය පළ කර තිබෙනවා.
එය යුක්රේනයේ ආර්ථික හා මූල්‍ය ස්ථාවරත්වය ශක්තිමත් කිරීමට උපකාරී වනු ඇති බවයි යුක්රේන ජනාධිපති Volodymyr Zelensky සඳහන් කර ඇත්තේ.
ඒ අනුව එම ආධාර පැකේජයේ පළමු වාරිකය ලබන මාර්තු මාසය වන විට ලබා දීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.
එසේම එය ඉදිරි වසර හතරක කාලසීමාව සඳහා යුක්රේනයේ රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් සහ අනෙකුත් වියදම් ගෙවීමට උපකාරී වනු ඇත.
රුසියාව විසින් අත්පත් කරගෙන සිටින ක්රිමියාවට ඔබ්බෙන් වූ විශේෂ මෙහෙයුමක් අතරතුර දී යුක්රේන හමුදා විසින් රුසියානු මිසයිල බෝට්ටුවක් විනාශ කර තිබෙනවා.

