ඔන්ලයින් පනත අද සිට බලාත්මක වෙයි

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත අද (01) සිට බලාත්මක වනු ලබනවා.

ඒ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද සිය සහතිකය සටහන් කිරීමත් සමගය.

මෙම පනත් කෙටුම්පත පසුගිය 24 වනදා පාර්ලිමේන්තුවේදී වැඩි ජන්දයෙන් සම්මත කර ගනු ලැබුවා.