ඒ, ඉකුත් පැය 24 තුළ නව මරණ 1,513 ක් වාර්තාවීමත් සමගයි.
කෙසේ වෙතත් සිය ප්‍රාන්තයේ වෛරස් ව්‍යාප්තිය ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව නිව්යෝර්ක් ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේ ය.
අමෙරිකාවේ කටයුතු යළි ඇරඹීම ප්‍රමාද කරන ලෙස වෛරසයෙන් වැඩිම බලපෑමකට ලක් වූ ප්‍රාන්තවල ආණ්ඩුකාරවරුන් ජනපති ට්‍රම්ප් ගෙන් ඉල්ලා සිටියහ.
මේ වනවිට අමෙරිකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව අට ලක්ෂයකට ආසන්න වේ.
වෛරස් ව්‍යාප්තිය හමුවේ පැන වූ නීති ලිහිල් කරන ලෙස ඉල්ලා ඇරිසෝනා, කොලරාඩෝ, මොන්ටානා සහ වොෂින්ටන් ප්‍රාන්තවල ජනතාව විරෝධතාවල නිරතව සිටි.
අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ, තමන්ගෙන් උපකාර ඉල්ලා සිටී නම් වෛරස් මර්දනයට ඉරානයට සහයවීමට සූදානම් බවයි.
මේ අතර බ්‍රිතාන්‍යයේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ද 120, 000 ඉක්මවා ඇති අතර එරටින් වාර්තා නව මරණ සංඛ්‍යාව 596 කි.
ස්පාඤ්ඤයෙන් නව මරණ 410 ක් ද ඉතාලියෙන් නව මරණ 433 ක් ද ප්‍රංශයෙන් නව මරණ 395 ක් ද වාර්තා වේ.
ඉන්දියාවෙන් ඉකුත් පැය 24 තුළ කොරෝනා මරණ 38 ක් වාර්තා වූයේ එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 18,000 කට ආසන්නව පවතින පසුබිමකදීයි.
පකිස්ථානයෙන් නව මරණ 25 ක් ද ඉන්දුනීසියාවෙන් නව මරණ 47 ක් ද බංග්ලාදේශයෙන් නව මරණ 7 ක් ද වාර්තාවේ.
මේ සමග ලොව සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 24 ලක්ෂය ඉක්මවා ගොස් ඇත.
කොරෝනා හේතුවෙන් ලොව පුරා ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 165,000 කට ආසන්නයි.
වෛරසය ආසාදනයෙන් සුවය ලැබූවන් සංඛ්‍යාව ද 625,000 කට ආසන්න වේ.
ඉකුත් පැය 24 තුළ ලොව කොරෝනා ආසාදනයෙන් 5000 කට ආසන්න පිරිසක් මිය ගොස් ඇති අතර එම කාලය තුළ නව ආසාදිතයන් 75,000 කට ආසන්න පිරිසක් පිළිබඳ වාර්තා විය.

