ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල පොලිස් ඇඳිරි නීතිය ලබන 27 වැනි දා අලුයම 5 දක්වා දීර්ඝ කර තිබේ.

ඇඳිරි නීතිය පනවන සහ ඉවත් කරන වේලාවන් සංශෝධනය කරමින් ජනාධිපති කාර්යාලය අද පෙරවරුවේ නිවේදනයක් නිකුත් කළේ ය.

එහි දැක්වෙන්නේ කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලට පිවිසීම හෝ පිටවීම සියලු දෙනාට සම්පුර්ණයෙන් තහනම් කර ඇති බවයි.

සෙසු දිස්ත්‍රික්කවලට අද අලුයම 5 ට ඉවත් කළ පොලිස් ඇඳිරි නීතිය රාත්‍රී 8 ට යළි පැනවේ.