හින්දු ආගමික විශ්වාස වලට හානි කිරීම හේතුවෙන් Annapoorani දමිළ චිත්‍රපටය විකාශනය ආරම්භ කර දවස් කිහිපයකින් Netflix හි විකාශනය අත්හිටුවා තිබෙනවා.
Annapoorani: The Goddess of Food චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ලෙස දක්වා තිබෙන්නේ සූපවේදියෙකු වීමට අපේක්ෂා කරන හින්දු බ්‍රාහ්මණ කාන්තාවක් වන අතර ඒ සඳහා ජනප්‍රිය නිළි Nayanthara රංගනයෙන් දායක වනවා.
එම චිත්‍රපටයේ බ්‍රාහ්මණ කුලයේ අයට අකැප මාංශ පිසීම සහ අනුභවය කිරීම හොවා දැක්වීම හේතුවෙනුයි එම චිත්‍රපටයට විරෝධය එල්ල වී තිබෙන්නේ.
එසේම එහි දී ඇය විසින් ආහාර පිසීමට පෙර මුස්ලිම්වරුන් සිදු කරන යාඥා සිදු කරන දර්ශනයක් ද ඇතුලත් කර තිබීම හේතුවෙන් ද හින්දු මතධාරීන් එයට සිය විරෝධය පළ කර තිබෙනවා.
මේ නිසා නයන්තාරා සහ එම චිත්‍රපටයට සම්බන්ධ තවත් දෙදෙනෙකුට එරෙහිව මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ පොලිස් නඩුවක් ද පවරා ඇති බවයි වාර්තා වෙන්නේ.
මේ සම්බන්ධයෙන් සිදු වූ අපහසුතාවයන්ට සමාව ඉල්ලමින් චිත්‍රපටයේ නිෂ්පාදකවරයන් විසින් සමාව ඉල්ලමින් ලිපියක් ද නිකුත් කර තිබෙනවා,
Annapoorani චිත්‍රපටය පසුගිය දෙසැම්බර් 01 වැනිදා සිට තිර ගත කෙරුණු අතර එයට මිශ්‍ර ප්‍රතිචාර ලැබී තිබෙනවා.

