ශ්‍රී ලංකා සිම්බාබ්වේ අවසාන එක්දින තරඟය නොමිලයේ නැරඹීමට අවස්තාව

හෙට (11) කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර අවසන් එක්දින තරගය නොමිලේ නැරඹීම සඳහා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලබා දී තිබෙනවා.

ඒ අනුව ප්‍රේක්ෂකාගාරයේ C හා D කොටස්වල ඉහළ සහ පහළ ආසන (C&D Upper and Lower Stands) මෙසේ ප්‍රේක්ෂකයන්ට විවෘත කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ.

ප්‍රේක්ෂකයන්ට ඇතුළු වීම සඳහා ප්‍රවේශ දොරටු පස්වරු 01ට විවෘත කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා සිම්බාබ්වේ 20යි 20 තරගාවලිය නැරඹීම සඳහා වන ප්‍රවේශපත්‍ර www.srilankacricket.lk වෙතින් හා ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කවුළුවෙන් මිල දී ගත හැකි වනවා.

ඒ සඳහා ප්‍රවේශ පත්‍ර කවුළුව පෙරවරු 09 සිට පස්වරු 05 දක්වා විවෘත ව තැබෙනු ඇති බව සදහන්.

20යි 20 තරගාවලිය ජනවාරි 14, 16 සහ 18 යන දිනවල කොළඹ ආර්,ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.