ජනාධිපතිවරණය සැප්තැම්බරයේ පැවැත්වීමට තීරණයක්

ලබන සැප්තැම්බරයේ ජනාධිපතිවරණය පවත්වා අනතුරුව 2025 ජනවාරි මාසයේදී මහ මැතිවරණය පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂ (එජාප) කළමනාකරණ කමිටුවේදී තීරණය වී ඇතැයි වාර්තා වෙනවා.

එසේම පළාත් පාලන මැතිවරණය 2025 වසරේ මාර්තු මසයේදී පැවැත්වීම පිළිබඳවත් එහි දී සාකච්ඡා වී තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී එජාප කළමනාකරණ කමිටුව පැවැත්විණි.

එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ රට දේශපාලන සහ ආර්ථික වශයෙන් ස්ථාවර කිරීම සඳහා සහයෝගය දක්වන ඕනෑම පාර්ශ්වයකට ජනාධිපතිවරණයේ ජාතික අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්විය හැකි බවයි.