නව දියර කිරි නිෂ්පාදනාගාර දෙකක් විවෘත කිරීමට ප්‍රංශ රජය සමඟ සාකච්ඡා

දැනට පවතින දියර කිරි කර්මාන්ත ශාලා 06ට අමතරව තවත් නිෂ්පාදනාගාර දෙකක් විවෘත කිරීමට අවශ්‍ය සාකච්ඡා ප්‍රංශ රජය සමග සිදුකර ඇති බව පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ රටට අවශ්‍ය අතිරික්ත දියර කිරි නිෂ්පාදනය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සුළු හා මධ්‍ය පරිමාණ ගොවීන් ශක්තිමත් කිරීමට මේ වන විට පියවර ගනිමින් සිටින බවයි.

දැනට රටේ දියර කිරි අවශ්‍යතාවයෙන් 40%ක් පමණක් දේශීයව නිෂ්පාදනය කරන බවත්, ඉතිරි 60% ක ප්‍රමාණය ආනයනය කිරීම සඳහා රුපියල් බිලියන 34කට වැඩි පිරිවැයක් රජයට දැරීමට සිදු වන බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා.

මේ හේතුවෙන් දියර කිරි නිෂ්පාදනය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සුළු හා මධ්‍ය පරිමාණ ගොවීන් ශක්තිමත් කිරීමට පියවර ගනිමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.