රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ ඊයේ (09) සිට අද (10) අලුයම දක්වා සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 999ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉන් සැකකරුවන් 31 දෙනෙකු සම්බන්ධව රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පුද්ගලයින් 26 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්ය බළකාය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 54 දෙනෙකු ද මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙහි දී පහත දැක්වෙන මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
හෙරොයින් 453g
අයිස් 306g 40mg
කොකේන් 940g
ගංජා 57 kg 317g
ගංජා පැල 31168 ක්
හෂීස් 1g
මාවා 147g 50mg
තුල් 14 g 50mg
මත්පෙති 234 ක්
හෑෂ් 1 g 50mg
මදන මෝදක ගුලි 629g

