කසකස්තානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් පිහිටුවීමට අනුමැතිය

කසකස්තානයේ ඇස්තානා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

එසේම කසකස්තානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ කැපී පෙනෙන වර්ධනයක් ද නිරීක්ෂණය කළ හැකි බැවින් මෙම තානාපති කාර්යාලය හරහා සංචාරක ව්‍යාපාරය නංවාලීමට ද හැකි වනු ඇති බවයි රජය අපේක්ෂා කරන්නේ.

ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම කසකස්තානයේ තානාපති කාර්යාලය පිහිටුවීමේ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.