ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා ණයහිමි රටවල් සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමේ වැදගත්කම ජපානය විසින් යලිත් වරක් අවධාරණය කර තිබෙනවා.
ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ශ්‍රී ලංකාව පසුගිය වසරේ දී ණයහිමි රටවල් සමග ප්‍රතිපත්තිමය එකඟත්වයකට පැමිණියේය.
නිල ණයහිමියන්ගේ කමිටුවේ සාමාජිකයින් නොවන පාර්ශ්වයන් එකඟතා සඳහා පිවිසෙන විට විනිවිඳභාවය සහ සංසන්දනාත්මක බව වැදගත් බවද ජපානය විසින් මෙහි දී සඳහන් කර තිබෙනවා.
ණයහිමියන්ගේ කමිටුවේ සාමාජිකයින් ලෙස රටවල් 15ක් සිටින අතර එහි සම සභාපතීත්වය ජපානය, ප්‍රංශය, සහ ඉන්දියාව දරනු ලබනවා.
2022 මැයි මාසයේ සිට ශ්‍රී ලංකාව බාහිර ණය ගෙවීම අත්හිටුවීය.
පසුගිය නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව නිවේදනය කළේ ණයහිමි රටවල් සමග ප්‍රතිපත්තිමය ගිවිසුමකට එළැඹි බවත් ඒ ඔස්සේ ඩොලර් බිලියන 5.9ක බාහිර ණය ආවරණය වන බවත් ය.
ශ්‍රී ලංකාවේ මුළු විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 36.4 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර එයට ද්විපාර්ශ්වික ණය ඩොලර් බිලියන 10.81 ක් ද ඇතුළත් කර ඇති බව පසුගිය සැප්තැම්බර් මාසයේ දී මුදල් අමාත්‍යංශය විසින් නිවේදනය කරනු ලැබුවා.

