මහල් නිවාස වල පදිංචිකරුවන්ගෙන් අඩකට හිමිකම් ඔප්පු

නාගරික සංවර්ධන අධිකාරියේ මහල් නිවාස වල පදිංචි කරුවන්ගෙන් 50% මෙම වසර අවසානයට පෙර හිමිකම් ඔප්පු ලබා දෙන බව නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා.

නාගරික සංවර්ධන අධිකාරිය සතු මහල් නිවාස වල මේ වනවිට පුද්ගලයන් 14,542 දෙනෙක් පදිංචිව සිටිනවා.

පළමු අදියර යටතේ ඉන් අඩකට හිමිකම් ඔප්පු දෙන අතර අනෙක් මහල් නිවාසවල මතුව ඇති නෛතික හා අනෙකුත් ගැටළු නිරාකරණය කිරීමෙන් පසු ලබන වසරේදී ඔවුන්ට ද හිමිකම් ඔප්පු ලබාදෙන බවයි නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා පැවසුවේ.