හඳුනාගත් උසස් පෙළ විභාග මධ්‍යස්ථාන කිහිපයක් වෙත අතිරේක ශාලාධිපතිවරුන් යොමු කළ බව, විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
විභාග වංචා වැළැක්වීමේ අරමුණින් එම පියවර ගත් බවයි එහි මාධ්‍ය ප්‍රකාශක සහ නියෝජ්‍ය විභාග කොමසාරිස් ලසික සමරකෝන් මහතා සඳහන් කළේ.
කෙසේවෙතත් උසස් පෙළ විභාගය ආශ්‍රිතව මෙතෙක් කිසිදු විභාග අක්‍රමිකතාවක් වාර්තා වී නොමැත.
මේ අතර ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් සිසුන් සඳහා ගල්කිරියාගම සහ මනම්පිටියේ විශේෂ විභාග මධ්‍යස්ථාන දෙකක් තවදුරටත් ක්‍රියාත්මක කර තිබෙනවා.
ගල්කිරියාගම මධ්‍ය මහා විද්‍යාලයේ පිහිටුවා ඇති මධ්‍යස්ථානයේ සිසුන් 37 ක් ද සහ මනම්පිටිය සිංහල මහා විද්‍යාලයේ ස්ථාපිත විභාග මධ්‍යස්ථානයේ සිසුන් 129 දෙනෙකු ද විභාගයට පෙනී සිටිනු ලබනවා.

