ඊයේ දිනයේ බංගලාදේශයේ ඩකා අගනුවරට ආසන්නයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 14කට ගිනි තබා ඇත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අද දිනයේ බංගලාදේශ මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සිදු කිරීමට සැලසුම් කර ඇති පසුබිමකයි මෙම ගිනි තැබීම වාර්තා වී ඇත්තේ.
මේ අතර පසුගිය සිකුරාදා දිනයේ ද බංගලාදේශයේ මගින් බහුල දුම්රියකට ගිනි තැබීම හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙක් ජිවිතක්ෂයට පත් වී තවත් 08දෙනෙක් පමණ තුවාල වී තිබෙනවා.
එම සිදුවීම සම්බන්ධයෙන් සැකපිට විපක්ෂයේ ප්රමුඛ දේශපාලනඥයෙකු වන බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ නබිඋල්ලා නබි සහ තවත් පක්ෂ ක්‍රියාකාරීන් හය දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි බංගලාදේශ පොලිසිය සඳහන් කරන්නේ.
එසේම එම පක්ෂය විසින් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වලකින ලෙස ඡන්දදායකයන්ගෙන් ඉල්ලා සිට ඇති අතර රට පුරා දින දෙකක වැඩවර්ජනයක් ද දියත් කිරීමට ඔවුන් අනුබල දී තිබෙනවා.

