ඉන්දියාවේ පළමු සූර්ය නිරීක්ෂණ මෙහෙයුම වන Aditya-L1 සිය අවසන් ගමනාන්තයට පැමිණ තිබෙනවා.
පසුගිය සැප්තැම්බර් 02 වෙනිදා අභ්‍යාවකාශගත කරන ලද මෙම යානය මාස හතරක් තිස්සේ සූර්යයා දෙසට ගමන් කරමින් සිටිය අතර ඊයේ සූර්යයා අඛණ්ඩව නිරීක්ෂණය කළ හැකි සිය ගමනාන්තය වෙත ලඟා වී තිබෙනවා.
හින්දු ආගමට අනුව සූර්යය දෙවියන් වන ආදිත්‍ය ලෙස මෙම සූර්යය ගවේෂණ මෙහෙයුම නම් කර ඇති අතර එහි L1 නමින් අදහස් වන්නේ Lagrange point 1 හෙවත් සූර්යයා සහ පෘථිවිය අතර පිහිටා ඇති යානයේ ගමනාන්තයයි.
එය පෘථිවියේ සිට කිලෝමීටර මිලියන 1.5ක් දුරින් පිහිටා තිබෙනවා.
පහතින් දැක්වෙන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරන ලද X පණිවිඩයයි.


