අත්‍යවශ්‍ය සේවා නම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

රජයේ සේවාවන් කිහිපයන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පහත සඳහන් සේවා අත්‍යවශ්‍ය සේවා ලෙස එම ගැසට් නිවේදනයේ දක්වා තිබෙනවා.

1. විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන්
2. ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරිම
3. (235 වන අධිකාරය වූ) තීරු බදු ආඥාපනතේ කාර්ය සඳහා අර්ථකථනය කරනු ලැබූ පරිදි වූ යම් වරායක් ඇතුළත ආහාර හෝ පාන ද්‍රව්‍ය හෝ රට අඟුරු, තෙල් හෝ ඉන්ධන හෝ බෑම, ගෙනයාම, ගොඩබෑම, ගබඩා කිරීම බාර දීම හා ඉවත් කිරීම
4. ගුවන් තොටුපොළවල් සහ වරායවල් ඇතුළුව ගුවන් මගින් ගමනාගමන සේවා සඳහා පහසුකම සැලසුම සහ පවත්වා ගෙන යාම

අදාළ ගැසට් නිවේදනය පහත link හරහා ලබා ගත හැක.

2365-29_S.pdf (documents.gov.lk)