නැවත පාසල් ආරම්භ වන දිනය මෙන්න

2023 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරයේ දෙවන අදියර ආරම්භ කරනු ලබන දින වකවානු අධ්‍යාපන අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව 2024.02.01 වන බ්‍රහස්පතින්දා රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික (සිංහල හා දෙමළ) පාසල් ආරම්භ වනු ඇත.

එමෙන්ම මුස්ලිම් පාසල් සඳහා තෙවන පාසල් වාරයේ දෙවන අදියර 2024.01.11 වන බ්‍රහස්පතින්දා ආරම්භ කිරීමට නියමිතයි.