ජපානයේ හනීඩා ගුවන්තොටුපොළේ ගින්නක් – ඡායාරුප සහිතයි

ජපාන ගුවන් සේවයට අයත් යානයක්, ටෝකියෝ හි හනීඩා ගුවන් තොටුපළේ ධාවන පථයකට ගොඩ බස්වන විට දී ගිනි ගැනීමකට ලක් වී තිබෙනවා.

ජපන් ගුවන් සේවය පවසන්නේ යානයේ සිටි මගීන් සහ කාර්ය මණ්ඩලයේ සියලුම සාමාජිකයන් මේ වන විට ආරක්ෂිතව ඉවත් කරන ගැනීමට හැකි වී තිබෙන බවයි.

ජපානයේ භූමිකම්පවෙන් බලපෑම් එල්ල වූ ප්‍රදේශ වෙත ගමන් කරන ආධාර රැගත් ජපන් වෙරළාරක්ෂක ගුවන් යානයක යානය ගැටීම හේතුවෙන් මෙම ගින්න ඇති වී ඇති බවයි බලධාරීන් සැක පළ කරන්නේ.

එම ගුවන් යානය තවමත් ගිනි ගෙන පවතින අතර හනීඩා ගුවන් තොටුපළේ සියලුම ගුවන් ගමන් මේ වන විට අත්හිටුව තිබෙනවා.

Flight explodes on Haneda Airport