මත්පැන් මිල ඉහළට

අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි මත්පැන් මිල ගණන්ද ඉහළ දමා ඇති බව ඩිස්ටිලරිස් ශ්‍රී ලංකා සමාගම (DCSL) සඳහන් කළා.

ඒ අනුව මිලිලීටර් 750 මත්පැන් බෝතලයක් රුපියල් 90කින් ඉහළ දමා තිබෙනවා.

එසේම මිලිලීටර 375 සහ මිලිලීටර 180 මත්පැන් බෝතලයක මිල පිළිවෙලින් රුපියල් 50 කින් සහ රුපියල් 20කින් ඉහළ නංවා තිබෙනවා.