නිරෝධායනය සඳහා තවත් 12ක් දියතලාවට

කොරෝනා ආසාදිත රෝගීන් ඇසුරු කළ බවට තහවුරු වූ අකුරණ හා බදුල්ල ප්‍රදේශයේ පුද්ගලයින් දොළොස් දෙනකු අද (10) සිට නිරෝධායන ක්‍රියාවලිය සඳහා දියතලාව නිරෝධායන මධ්‍යස්ථාන වෙත ඇතුළත් කළ බව දියතලාව යුද හමුදාව පවසනවා. පිරිමි 6ක් ගැහැණු 2ක් පිරිමි ළමුන් 2ක් ගැහැනු ළමුන් 2ක් වශයෙන් සමන්විත මෙම කණ්ඩායම යුද හමුදා අධීක්ෂණය යටතේ දියතලාව කාර්මික ඉංජිනේරු ආයතන මමධ්‍යස්ථානය වෙත යොමු කළ බව දියතලාව යුද හමුදාව වැඩි දුරටත් පවසා තිබෙනවා.