උතුරු කොරියාව ඔත්තු බැලීමේ චන්ද්‍රිකා තුනක් අභ්‍යාවකාශ ගත කිරීමට සැරසෙයි

උතුරු කොරියානු හමුදාව ශක්තිමත් කිරීමේ තවත් ප්‍රයත්නයක් ලෙස ඔත්තු බැලීමේ චන්ද්‍රිකා තුනක් ලබන වසරේ දී අභ්‍යාවකාශගත කරන බව උතුරු කොරියානු රජය ප්‍රකාශ කර තිබෙනවා.

පසුගිය මාසයේ දී ද උතුරු කොරියාව විසින් ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවක් දියත් කළ අතර එය ඇමරිකාවේ සහ දකුණු කොරියාවේ හමුදා සම්බන්ධ තොරතුරු ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

උතුරු කොරියානු නායක Kim Jong Un 2024 වසර සඳහා සැලසුම් සකස් කර අතරතුර දී සඳහන් කර ඇත්තේ න්‍යෂ්ටික අවි භාවිතයෙන් ඉදිරියට යනවා හැරෙන්නට වෙනත් විකල්පයක් නොමැති බවයි.

ඔහු පෙන්වා දී ඇත්තේ 2024 වසරේ දී ඩ්‍රෝන යානා, මිසයිල සහ න්‍යෂ්ටික අවි තැනීම ඇතුළු තවත් යුදමය සංවර්ධන කටයුතු බොහොමයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි.

උතුරු කොරියාව විසින් 2023 වසර පුරාම නිරන්තරයෙන් මිසයිල අත්හදා බැලීම් සිදු කළ අතර මේ මසස් මුල දී එක්සත් ජාතීන්ගේ සීමා නොතකමින් ඔවුන් විශාලතම දිගු දුර මිසයිලය ද අත්හදා බලනු ලැබුවා.