ආපනශාලා ආහාර මිල ගණන් ඉහළට

හෙට (01) සිට ක්‍රියාත්මක වන පරිදි ආපනශාලා ආහාර වර්ග කිහිපයක මිල ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති හර්ෂණ රුක්ෂාන් සඳහන් කළේ දිනෙන් දින ඉහළ යන වියදම් සලකා මෙලෙස මිල ඉහළ දැමීමට තීරණය කර ඇති බවයි.

ඒ අනුව ප්ලේන් ටී රුපියල් 5, කිරි තේ රුපියල් 10 සහ කෙටි ආහාර (ෂෝර්ටීස්) රුපියල් 10කින් ඉහළ යනු ඇත.

එසේම බත්, ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ නාසිගුරන් රුපියල් 25කින් ඉහළ දමන බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.