ජනවාරි සිට ජල ගාස්තුවත් ඉහළට

ජනවාරි මාසයේ දී සිදු කිරීමට නියමිත VAT සංශෝධනයත් සමඟ ජල ගාස්තුව ද ඉහළ නැංවෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරනවා.

එහි වාණිජ අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පියල් පද්මනාත මහතා පැවසුවේ ජනවාරි සිට ජල ගාස්තුව 03% කින් පමණ ඉහළ යනු ඇති බවයි.