අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට සාමාජිකයන් පත් කරයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට සාමාජිකයන් පත් කර තිබෙනවා.

ඒ අනුව එහි සභාපතිවරයා ලෙස විනිසුරු ඩබ්. එම්. එන්. පී. ඉද්දවල මහතා ද සෙසු සාමාජිකයන් ලෙස චේතිය ගුණසේකර සහ බර්නාඩ් රාජපක්ෂ යන මහත්වරුන් ද පත් කර ඇත.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 B වගන්තිය සහ 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 4 වැනි වගන්තිය ප්‍රකාරව 2024 ජනවාරි මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත්කිරීම් සිදු කර තිබේ.

විනිවිදභාවය, වගවීම සහ රාජ්‍ය සේවයේ සෑම තරාතිරමකම දූෂණය පිටු දැකීම සඳහා රජයේ කැපවීම මෙලෙස මෙම කොමිෂම පත් කිරීමෙන් විදහා දැක්වෙන බවයි එහි සඳහන් වෙන්නේ.
.