පසුගිය නවවන දා දිවයින පුරා සිදුවු හදිසි විදුලි බිඳවැටීම තම මණ්ඩලය අතින් සිදුවු වරදක් බවට ලංකා විදුලිබල මණ්ඩලය පිළිගෙන ඇති බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.
පැය 5කට ආසන්න කාලයක් විදුලි බිඳවැටීම යථාතත්ත්වයට පත් කිරීමට හැකියාව නොලැබීම තම මණ්ඩලයේ ගැටලුකාරී තත්ත්වයක් බවයි විදුලිබල මණ්ඩලය එහි දී සඳහන් කර ඇත්තේ.
එලෙස හදිසි විදුලි බිඳවැටීමක් සිදුවු අවස්ථාවක අතිරේක විදුලි ජනනයක් පවත්වාගෙන යායුතු වුවද පිරිවැය නොමැති වීම හේතුවෙන් අතිරේක විදුලි ජනනයක් පවත්වාගෙන යාමට නොහැකි බව එම මණ්ඩලය ප්රකාශ කර තිබේ.
කෙසේවෙතත් අතිරේක විදුලි ජනනයක් පවත්වාගෙන යාම සඳහා පිරිවැය සොයාගැනීමට නම් එහි බරපැන ද ජනතාවට විඳදරා ගැනීමට සිදුවන බව ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කළේය.
එම නිසා ඒ සම්බන්ධයෙන් ඉදිරියේ දී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර අවසන් එකඟතාවයකට එළඹීමට නියමිත බවද එම කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළා.

