රන් මිලේ සුළු ඉහළ යෑමක්

ඊයේ දිනට සාපේක්ෂව අද (20) දිනයේ රන් මිලෙහි තරමක වැඩිවීමක් දක්නට හැකි වෙනවා.

ඒ අනුව අද කැරට් 24 රත්රන් ග්‍රෑම් 1 රුපියල් 23,560ක් සහ කැරට් 24 රත්රන් ග්‍රෑම් 8ක් හෙවත් පවුමක් රුපියල් 188,500ක් ලෙස සටහන් වී තිබෙනවා.

කැරට් 22 රත්රන් ග්‍රෑම් 1 රුපියල් 21,600ක් සහ, කැරට් 22 රත්රන් ග්‍රෑම් 8ක් රුපියල් 172,800 ද වනවා.

එසේම කැරට් 21 රත්රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 20,620ක් ලෙස සටහන් වී ඇති අතර, කැරට් 21 රත්රන් ග්‍රෑම් 8ක මිල රුපියල් 164,950 ලෙස ද සඳහන් වනවා.