ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 20,000 ඉක්මවයි

පසුගිය ඔක්තෝම්බර් 07වන දා සිට ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් පලස්තීන වැසියන් 20,000කට අධික ප්‍රමාණයක් ජීවිතක්ෂය වී ඇති බව හමාස් යටතේ පවතින සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.

මෙම මරණ සංඛ්‍යාව සම්බන්ධයෙන් ඊශ්‍රායලය සහ ඇමරිකාව නිරන්තරයෙන් සැක පළ කරන නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු අනෙකුත් සංවිධාන සඳහන් කර ඇත්තේ එම මරණ සංඛ්‍යා විශ්වාස නොකිරීමට තරම් හේතුවෙන් නොවන බවයි.

මේ අතර ගාසා තීරයේ හදිසි මානුෂීය විරාමයක් සඳහා වන ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ලබන බදාදා රැස්වීමට නියමිතය.

කෙසේවෙතත් නිවේදනයක් නිකුත් කරමින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා ඇත්තේ ඊශ්‍රායලය තම අරමුණු සාක්ෂාත් කර ගැනීමට පෙර යුද්ධය නවත්වනු ඇතැයි සිතන ඕනෑම අයෙකු යතාර්ථය අවබෝධ කර ගෙන නොමැති බවයි.