අලි – මිනිස් ගැටුම අවම කර ගැනීම සඳහා නවීන තාක්ෂණය යොදා ගැනීමට සැලසුම් කර තිබෙන බවත්, ඊට අදාළ නියමු ව්‍යාපෘති දැනටමත් ආරම්භ කර තිබෙන බවත් වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ වාරිමාර්ග ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.
අධි ආලෝක ධාරා, අධි ශබ්ද තරංග සහ ඩ්‍රෝන යානා වැනි නවීන තාක්ෂණය යොදා ගනිමින් ක්‍රියාත්මක වන මෙම නියමු ව්‍යාපෘති අනුරාධපුර, පුත්තලම, අම්පාර ඇතුළු අලි මිනිස් ගැටුම් බහුලව ඇති ප්‍රදේශවල ආරම්භ කර තිබෙන බවයි අමාත්‍යවරිය පෙන්වා දුන්නේ.
ඇය මෙම අදහස් පළ කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (20) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දිශානතිය වනය ආරක්ෂා කිරීම බව අවධාරණය කළ අමාත්‍යවරිය වනය මායිමේ සිටින ජනතාවට වනය ආරක්ෂා කිරීම වෙනුවෙන් සහනයක් ලබාදීමට තීරණය කර ඇති බව සඳහන් කර සිටියා.
ඇය සඳහන් කරන්නේ රටේ භූමි ප්‍රමාණයෙන් 29%ක්ම පවතින වනය නිසි පරිදි සංරක්ෂණය කිරීමෙන් සහ එයින් ලැබෙන සම්පත් වලින් රටට බොහෝ ඩොලර් ප්‍රමාණයක් ගෙන ආ හැකි බවයි.

