කොලරාඩෝ හි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්තියක් උපුටා දක්වමින් ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් විය නොහැකි බවට තීන්දුවක් ලබා දී තිබෙනවා.
ඒ ට්‍රම්ප් විසින් මීට වසර 3කට ඉහත දී පැවති කෝලාහාලයකට එරෙහ්ව කැරැල්ලක් සංවිධානය කිරීම හේතුවෙනි.
කෙසේවෙතත් මෙම නියෝගය හරහා ට්‍රම්ප්ට අනෙක් ප්‍රාන්ත වලින් ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වීමට කිසිදු බලපෑමක් සිදු නොවන බවයි වාර්තා වෙන්නේ.
ට්‍රම්ප් ගේ පාර්ශව විසින් මෙම තීන්දුව සම්පූර්ණයෙන් දෝෂ සහිත බවට චෝදනා කරන අතර ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ද ඉදිරිපත් කිරීමේ සූදානමකින් පසුවනවා.
ජනාධිපති අපේක්ෂකයෙකු නුසුදුස්සෙකු කිරීම සඳහා එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන සංශෝධනයේ 3 වන වගන්තිය භාවිතා කරන පළමු අවස්ථාව මෙය ලෙසයි දැක්වෙන්නේ.

