ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන් හරහා ශ්‍රී ලංකාව විසින් ලබා ගෙන ඇති ප්‍රගතිය සෑහීමකට පත් විය හැකි බැවින් ලෝක බැංකුව විසින් ලබා දෙන ඇමරිකානු ඩොලර් මිලියන 500ක ණය මුදලේ දෙවන වාරිකය ශ්‍රී ලංකාවට ලබා දී තිබෙනවා.
ඒ අනුව මෙලෙස ඇමරිකානු ඩොලර් මිලියන 250ක මුදලක් ලබා දී ඇති බවයි සඳහන් වෙන්නේ.
මෙහි පළමු වාරිකය 2023 වසරේ ජුනි මාසයේදී නිකුත් කරනු ලැබුවා.
ශ්‍රී ලංකා ආර්ථිකය යළි නගා සිටුවීමට, පවතින තත්ත්වය හමුවේ අවදානමට ලක් ව සිටින කාණ්ඩ වලට සහන සැලසීමේ අරමුණින් යුතුව මෙම ණය මුදල රජයට අයවැය සහය සපයන RESET DPO ආයතනය විසින් ලබා දෙනු ලබනවා,

